අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම - දකුණු පළාත් මේස පන්දු ශූරතා දිනති

    දෙසැම්බර් 10, 2015

    41 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ මේස පන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් වූ අතර දකුණු පළාත් කණ්ඩායම එහි කාන්තා ශූරතාව දිනාගත්තේය.

    පිරිමි සම අනුශූරතාව බස්නාහිර පළාතට සහ දකුණු පළාතට හිමි වූ අතර කාන්තා අනුශූරතාව වයඹ පළාතට හිමිවිය.

     

    තරග වට 3-0 ක් ලෙස බස්නාහිර පළාතේ රොහාන් සිරිසේන පරාජය කරමින් පිරිමි කේවල ශූරකාව දිනාගත් මධ්‍යම පළාතේ උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

     

    දකුණු පළාතේ ඉෂාරා මධුරංගි තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී තරග වට 3-1 ලෙස මධ්‍යම පළාතේ රිද්මි කරදනාරච්චි පරාජය කරමිනි. කණ්ඩායම් තරග 2 ක් ද පැවැති අතර ඉන් පිරිමි තරගයේ ජය මධ්‍යම පළාතටද, කාන්තා තරගයේ ජය දකුණු පළාතටද හිමි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya