අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20න් පහළ ජාතික රගර් කණ්ඩායම සිංගප්පූරුව බලා හෙට පිටත්වෙයි

    දෙසැම්බර් 10, 2015

    ශ්‍රී ලංකා  ජාතික රගර්  කණ්ඩායමේ 20 න් පහළ කණ්ඩායම ආසියානු 20 වෙනි යොවුන් රගර් තරගාවලිය වෙනුවෙන් හෙට (11) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

    සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමේ නායකත්වය  ඔමල්ක ගුණරත්න දරන අතර කෙවින් ඩික්සන් උප නායකත්වය දරයි.

     

    ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා රගර් කණ්ඩායම හමු වී සුභ පැතුම් එක් කළ අතර ඔවුන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය  ඩබ්.එම් ආර්. බී . දිසානායක, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා පාසල් රගර් සහ පාපන්දු  සංගමයේ  ප්‍රධාන පාලක ඩෙන්සිල් ඩාර්ලින්, පුහුණුකරු  සනත් මාටිස් ඇතුළු ක්‍රීඩකයන් 25 දෙනෙක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya