කණ්ඩායමේ නායකත්වය ගයානි දිසානායක දරණ අතර තිසාලා අල්ගම උප නායකත්වය දරයි.
ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා නෙට්බෝල් ක්‍රීඩා කණ්ඩායම හමුවී සුභ පැතූ අතර ඒ අවස්ථාවේ දී කණ්ඩායම සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් ආර්. බී . දිසානායක, ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති යසා රාමචන්ද්‍ර, පුහුණුකාරිනි තමාරා ලියනගේ ඇතුළු ක්‍රීඩිකාවන් 12 දෙනෙක් සහභාගී වූහ.