අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය බීජීං හි පරිසර දූෂණයට පළමු රතු නිවේදනය නිකුත් කරයි

    දෙසැම්බර් 08, 2015

    චීනයේ බීජීං නුවර පරිසරය දූෂණය පිළිබඳ පළමු රතු නිවේදනය නිකුත් වීමත් සමඟ පාසල් වසා දමා එළිමහන් ඉදිකිරීම් නතර කර ඇත.

    පරිසර දූෂණය සම්බන්ධ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන මෙම රතු නිවේදනය, ඊයේ රාත්‍රියේ (07) ආරම්භ වූ අතර එළඹෙන බ්‍රහස්පතින්දා (10) ඉර මුදුන් වන තුරු පවතිනු ඇතැයි, බීබීසී වාර්තා කරයි.

     

    මෝටර් රථ භාවිතය සඳහා සීමාවන් යොදා ඇති අතර සමහර කර්මාන්ත ශාලා මෙහෙයුම් නතර කිරීමට ද නියෝග කර තිබේ.

     

    පැරිසියේ පැවති කාලගුණ සමුළුවේ දී චීනය, ලොව විශාලතම පරිසර දූෂණය සිදුවන රට ලෙස කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පිළිබඳ සාකච්ඡා වලදී හෙළිදරව් විය.

     

    මෙරට වේලාවෙන් පෙරවරු 07.00ට පමණ (බීජිං වෙලාවෙන් සඳුදා පස්වරු 11.00ට පමණ) බීජිං හි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන වායු දූෂණය මොනිටරය විසින් කුඩා අංශු 2.5 විෂ තීව්‍රතාව 291ක් ලෙස දත්ත වාර්තා කර ඇත.
     

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඝන මීටරයට මයික්රො ග්‍රෑම් 25 ආරක්ෂිත මට්ටම ලෙස දක්වා ඇත.

     

     85344149 china pollution comparison 624gr2 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya