මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් ශූරතා නැගෙනහිරට සහ බස්නාහිරට

    දෙසැම්බර් 08, 2015

    41වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි බාස්කට් බෝල් ශූරතාව නැගෙනහිර පළාත දිනා ගත් අතර කාන්තා ශූරතාව බස්නාහිර පළාත දිනා ගනියි.

    කොළඔ රාජකීය විදුහල් බාස්කට්බෝල් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගාවලියේදී පිරිමි අවසන් තරගයේදී මධ්‍යම පළාත රිදී පදක්කමට සීමා කළ නැගෙනහිර පළාත් ක්‍රීඩකයෝ ලකුණු 71-70ක තියුණු ජයක් ලැබූ අතර කාර්තු හත‍රේ ලකුණු තත්ත්වය 16-16, 12-21, 19-17, 24-16ක් විය. ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම බාස්කට්බෝල් ක්‍රීඩකයා ලෙස නැගෙනහිර පළාතේ එල්.ඒ. වෙනිටෝ සම්මානයට පාත්‍ර විය.

     

    පිරිමි අංශ‍යේ ලෝකඩ පදක්කම බස්නාහිර පළාතට හිමිවූ අතර වයඹ පළාත ලකුණු 56-55ක් ලෙස පරාජයට පත්විය. පිරිමි අවසන් පූර්ව තරගවලදී නැගෙනහිර පළාත ලකුණු 72-64ක් ලෙස වයඹ පරාජය කළ අතර මධ්‍යම පළාත 68-55ක් ලෙස බස්නාහිර පළාත පරාජයට පත් කළේය.

     

    කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී බස්නාහිර වෙතින් ලකුණු 62-41 ලෙස වයඹ ක්‍රීඩිකාවෝ පරාජයට පත් වූහ. පළමු කාර්තු දෙකේ දී වයඹ පළාත ඉදිරියට පැමිණීමට සමත්වුවද අවසාන කාර්තු දෙකේදී පසු බැසීමට ලක් විය. තරගයේ ලකුණු තත්ත්වය 8-11, 14-13, 26-10 හා 14-7ක් විය. දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය බස්නාහිර පළතේ ඉනෝකා සඳමාලී දිනා ගත්තාය.

     

    කාන්තා අංශයේ ලෝකඩ පදක්කම උතුරු පළාත දිනාගත්තේ ලකුණු 46-17ක් ලෙස දකුණු පළාත පරාජය කරමිනි. අවසන් පූර්ව වටයේදී වයඹ ලකුණු 55-25ක් ලෙස උතුරු පළාත පරාජය කළ අතර බස්නාහිර 53-18ක් ලෙස දකුණු පළාත පරාජය කෙළ්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya