මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ක්‍රිඩාව නැංවීමට පකිස්තානයේ සහාය

    දෙසැම්බර් 01, 2015

    ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් (Maj Gen (R) Syed Shakeel Hussain) මහතා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර අද (01) දින සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

    එහිදී පකිස්තාන තානාපති සයිඩ් ෂාකීල් හුසෙන් මහතා ප්‍රකාශ කර සිටියේ ස්කොච්, ටේබල් ටෙනිස්, බිලියඩ්, ස්නූකර් යන ක්‍රීඩා වලට අවශ්‍ය පුහුණුව හා උපදේශනය සඳහා තම රටේ සහයෝගය ලබා දීමට හැකි බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර “අළු බදුන“ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ හැකි බවද ඔහු එහිදී පැවසීය.

     

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධව සතුට ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීමට පකිස්තානයෙන් ලැබෙන සහයෝගය ඉතා වටිනා බවත් ප්‍රකාශ කරන ලදී.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය මොහොමඩ් හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී.දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර යන මහත්වරුන් සහභාගී වූහ.

     

    pkk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya