අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති ක්‍රීඩාවේ අනාගතය සොයා ගිය ප්‍රංශ චාරිකාව

    නොවැම්බර් 30, 2015

    සාමය සඳහා ක්‍රීඩාව යන තේමාව මුල්කරගෙන ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රථම වරට ප්‍රංශයේ මොනාකෝ නුවර දී පසුගිය දිනවල (නොවැ. 25 දින සිට 27 වන දින දක්වා) පැවති සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා සහභාගී විය. මෙම ලෝක සමුළුව සඳහා සියලු රටවල් නියෝජනය කරමින් නියෝජිතයන් 600කට අධික පිරිසක් සහභාගී වූහ.

    මෙම සමුළුවේදී ක්‍රීඩා විද්‍යාව, ක්‍රීඩා තාක්ෂණය, ක්‍රීඩා පෝෂණවේදය සහ එක් එක් රටවල ක්‍රීඩාවන් සඳහා භාවිතා කරන සුවිශේෂී ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය විය. ඊට අමතරව ක්‍රීඩා නීතිය, ක්‍රීඩා අචාරධර්ම සහ ක්‍රීඩාව තුළින් ලෝක සාමය ගොඩනැගීම පිළිබඳ විශේෂ අවධානය යොමුවිය.

     

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ දයාසිරි ජයසේකර මහතා එහිදී රටවල් බොහොමයක රාජ්‍ය නායකයින්, ක්‍රීඩා අමාත්‍යවරුන් සහ තරුණ කටයුතු නියෝජිතයන් හමුවී  ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ අදහස් හුවමාරු කරගන්නා ලදී.

     

    dayaaaaaaawwප්‍රංශයේ ක්‍රීඩා අමාත්‍ය තෙයිරි බ්රෙයිලඩ්  ( Theirri Breiled ) මහතා හමුවූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණුකිරීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා රජය ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග හා ලබාදෙන ආධාර පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩා නීතිය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීති රීති සමඟ ගැටීමක් නොවන ආකාරයෙන් ශ්‍රී ලංකා රජය පියවරගෙන ඇති බව ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

     

    එහිදී ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීමට හා සංවර්ධනයට දිය හැකි සහයෝගය පිළිබඳ කටයුතු කරන බවත් ක්‍රීඩා දැනුම, ක්‍රීඩා සංවර්ධනය, ක්‍රීඩා සංචාරක සම්බන්ධව සහ සංස්කෘතික සංවර්ධනය මෙන්ම ක්‍රීඩා පුහුණු ශක්‍යතාවය පිළිබඳව සහ ක්‍රීඩා විද්‍යාත්මක, අධ්‍යාපනික පුහුණු තාක්ෂණය පිළිබඳවත් අදහස් හුවමාරු කරගන්නා ලදී.

     

    එම අවස්ථාවට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා, වාණිජ කටයුතු සහ තරුණ කටයුතු උපදේශක ඇලෙක්සි ගුණසේකර ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya