මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා ක්‍රිකට් රන් පදක්කම සබරගමුවට

    නොවැම්බර් 30, 2015

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සබරගමුව පළාත දිනා ගනියි. සබරගමුව පළාත හා නැ‍ඟෙනහිර පළාත අතර පැවැති අවසන් තරගයේදී ලකුණු 11ක ජයක් සබරගමුව පළාතට හිමි විය.

    මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ පැවැති මේ ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමකට ක්‍රීඩිකාවන් හයදෙනකු බැගින් සහභාගීවූ අතර ඉනිමක් ඕවර් 5කට සීමා විය.

     

    මුලින් පන්දුවට පහරදුන් සබරගමුව ක්‍රීඩිකාවෝ ලකුණු 45ක් ලබාගත් අතර නැගෙනහිර පළාතට ලබාගත හැකි වූයේ ලකුණු 34ක් පමණි. කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම මධ්‍යම පළාතට හිමිවූ අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සබරගමුව පළාතේ ෂලේකා නිරුක්ෂිනීට හිමි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya