පාසල් තරග වලින් ජයග්‍රහණය කළ වයස අවුරුදු 13 න් පහළ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සැණකෙළියට දිවයිනේ පාසල් 195 ක වයස අවුරුදු 13න් පහළ සිසු දරුවන් සහභාගි වෙති.
පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පවත්වනු ලබන මෙම වොලිබෝල් සැණකෙළියෙහි සමාරම්භක උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.