නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ධූරයට රෝෂ් ජලග්ගේ පත් වෙයි

    ඔක්තෝබර් 25, 2015
     
    ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රොෂානා (රෝෂ්) ජලග්ගේ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස පත්කරනු ලැබ තිබේ. 
     
    ශ්‍රී ලංකාවේ උපත ලද ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ජලග්ගේ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස පත්කිරීමේ  නාමයෝජනාව ශ්‍රී ලංකා විදේ‍ශ කටයුතු  අමාත්‍යාංශය විසින් ස්ථීර කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පසුගියදා ඔහු වෙත භාර දෙන ලදි.
     
    ගිණුම්කරණය සහ මුල්‍ය පිළිබඳ විශේෂ දැනුමක් ඇති ජලග්ගේ මහතා පසුගිය අවුරුදු පහළොවක කාලය තුළ   ඩොලර් මිලියන ගණනක විශාල ව්‍යාපාරයක් බවට සිය ව්‍යාපාරය වර්ධනය කර ඇත. 
     
    අද වන විට ජලග්ගේ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  විශාලතම හා ප්‍රමුඛතම සේවා සපයන්නන්ගෙන් එක් අයෙකි.  
     
    ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නොයෙක් වර සම්මානයට පාත්‍ර වී ඇති ජලග්ගේ මහතා "වසරේ ව්‍යාපාරික සංක්‍රමණික" (“Business Migrant of the year”) සම්මානය ඇතුළු විවිධ සම්මානවලින් පිදුම් ලබා ඇති ජලග්ගේ මහතා රොෂානා සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීයා ද වේ. 
     
    ඊට අමතරව ඔහු තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු කරමින් සිටින අතර බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රජා සුරැකුම් පහසුකම් සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
     
    තම කුසලතා යොදා ගනිමින් තම මව්බිම වන ශ්‍රී ලංකාවට සහ බටහිර ඕස්ට්රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය කිරීම ඔහුගේ ආශාව හා අපේක්ෂාව වේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya