අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශය කළේ පසුගියදා රුපියල් මිලියන 218.46 ක වියදමින් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති උත්සව සභාව අමතමිනි.
මෙම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මාස හයකින් නිමකිරිමට සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩාංගණය අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයකින් ද ,මීටර 25ක දිගින් යුත් පිහිනුම් තටාකයකින් ද,මීටර 400 ධාවන පථයක් සහ නවින පහසුකම් සහිත ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත වෙයි.
දිස්ත්‍රික් මට්ටමෙන් මෙවැනි සංකීර්ණයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳ ව තමන් සතුටට පත්වන බවත් පසුගිය රජයෙන් ද ක්‍රීඩාව දියුණු කිරීමට පියවර ගත් නමුත් ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමට යන ක්‍රියාදාමයක් නොතිබුණු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"ඩන්කන් වයිට් මහතා ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දෙන සමයෙත්, සුසන්තිකා ජයසිංහ 2000 වර්ෂයේ ඔලිම්පික් ක්‍රීඩාවන්ට ගියේ අවම පහසුකම් යටතේයි. මැලේසියාව වැනි රටවල එක් නගරයක මෙවැනි ක්‍රීඩාපිටි 15ක් පමණ දක්නට ලැබෙනවා. නමුත් අපේ රටේ එවැන්නක් නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජයෙන් ක්‍රීඩාව නගාසිටුවීමට කටයුතු කරනවා. ඇතැම් ක්‍රීඩකයන් අද ක්‍රීඩාව අතහැර දමනවා එය රටට ඛේදවාචකයක්. එම නිසා ක්‍රීඩාව නංග්වා සිටීමට ඉදිරියේ දී ක්‍රීඩා නිලධාරීන් ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගන්නවා. අපේ දරුදැරියන් උසස් පෙළින් පසුව ක්‍රීඩාව අතහැර දමනවා. නමුත් තාක්ෂණික වශයෙන් ඔවුන් පුහුණු කළ යුතුයි" යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ක්‍රීඩාවේ උන්නතිය සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් මෙවැනි අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ ඇති කිරීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යයවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරු රැසක් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.