පෙරවරු 10සිට දවස පුරාම පැවැත්වෙන මෙම කඨින මහා පූජෝත්සවයට ස්විස්ටර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරාධිපති, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ උපදේශක ශ්‍යාමෝපාලි මහා කළ්යාණිතිස්ස නාහිමි ඇතුළු ලාංකික භික්ෂූන් වහන්සේලා ප්රමුඛ විදේශ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩමකරවීමට නියමිත
බර්ලින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පරිවේණස්ථානයේ අධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර සිංහල හා ජර්මන් දායක පිරිස විසින් මෙම පිංකම සංවිධානය කරනු ලබති.