මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, "දිස්ත්‍රික් මට්ටමෙන් මෙවැනි සංකීර්ණයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා.පසුගිය රජයෙන්ද ක්‍රීඩාව දියුණු කිරීමට පියවර ගත්තා. නමුත් ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමට යන ක්‍රියාදාමයක් තිබුනේ නෑ. ඩන්කන් වයිට් මහතා ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දෙන සමයේත්,සුසන්තිකා ජයසිංහ 2000 වර්ෂයේ ඔලිම්පික් ක්‍රීඩාවන්ට ගියේත් අවම පහසුකම් යටතේයි" යි පැවසීය.
මැලේසියාව වැනි රටවල එක් නගරයක මෙවැනි ක්‍රීඩා පිටි 15 ක් පමණ දක්නට ලැබෙනවා.නමුත් අපේ රටේ එවැන්නක් නෑ. නව රජය යටතේ ක්‍රීඩාව නගා සිටුවීමට කටයුතු කරනවා. ඇතැම් අද ක්‍රීඩකයන්ද දරුදැරියන් උසස් පෙළින් පසුවද ක්‍රීඩාව අතහැර දමනවා. එය රටට ඛේදවාචකයක්. එම නිසා ක්‍රීඩාව නංවා සිටීමට ඉදිරියේ දී ක්‍රීඩා නිළධාරීන්, ක්‍රීඩා පුහුණු කරුවන් බදවා ගන්නවා.ක්‍රීඩාවේ උන්නතිය සදහා දිස්ත්‍රික් මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් මෙවැනි අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ ඇති කිරීමට කටයුතු කරන බව ද " අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.
මෙම ක්‍රීඩා සංකීර්ණය මාස හයකින් නිමකිරිමට සැලසුම් කර ඇත. මෙය අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයකින්ද ,මීටර 25 ක දිගින් යුත් පිහිනුම් තටාකයකින් ද,මීටර 400 ධාවන පථයක් සහ නවින පහසුකම් සහිත ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත වෙයි.
මෙම අවස්ථාවට රංජිත් සියඹලාපිටිය,චම්පික ප්‍රේමදාස යන අමාත්‍යවරු ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන දුෂ්මන්ත මිත්‍රපාල,එච්.එම්.එම් හරිෂ් , සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න ,පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ද ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් විශාල පිරිසක්ද සහභාගි වීය.
AP/DMU-Kegalle