කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමය සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා පාසල් 60ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ මේ සඳහා සහභාගි වීමට නියමිතය.
ඒ අනුව වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ, 15න් පහළ සහ 18න් පහළ බාලක බාලිකා ලෙස මෙම මේස පන්දු තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
මෙහි සමාරම්භක උළෙල 09දා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර තරගාවලියේ කුසලාන හා සහතික පත්‍ර ප්රදානය සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 11දා සිදු කෙරේ.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමයේ සභාපති කනක හේරත් මහතා ද සහභාගි වේ.