වසර 184 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය 25 වැනි වරට සංවිධානය කරන මෙම කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 400 ක් පමණ සහභාගී වීමට නියමිතය.
පෙරවරු 9.00 ට ආරම්භ වන පිරිමි සහ කාන්තා පාපැදි තරගයෙන් කී‍්‍රඩා උත්සවය ආරම්භ කෙරෙන අතර එහිදී මීටර් 100, 200, 400 ධාවන තරග, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම, දුන්නෙන් විදීම සහ රෝද පුටු වැනි ජවන හා පිටිය කී‍්‍රඩා ඉසව් 57 ක් පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගීවන සියළුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කමිසයක් සහ තොප්පියක් ලබාදීම සඳහා ඩිල්මා තේ සමාගම ඉදිරිපත් වී සිටින අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ උදෑසන ආහාරය ලබාදීමට පෙරේරා සහ පුත‍්‍රයෝ සමාගම ඉදිරිපත්වී සිටියි.
‘ඒඩෙක්ස්’ කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා උළෙලේ සංවිධායක මණ්ඩලයට අමතරව මියුසියස් විද්‍යාලයේ බාලදක්ෂිකාවෝ, කොළඹ වෛද්‍ය පීඨයේ සිසු සිසුවියෝද, ටෝල්මන් ටුවර්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයද කී‍්‍රඩා ඉසව් පැවැත්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිති.