නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ලබන 08 වැනි දා ඇරඹේ

    ඔක්තෝබර් 06, 2015

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 31 වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළළේ සිව්වැනි අදියර ලබන 08 වැනි දා සිට 12 වැනි දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.


    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රීෂ්නන් මහතා ද එක් වීමට නියමිතය.

    මෙම තරගාවලිය අදියර 4කින් පැවැත් වෙන අතර මේ වන විට අදියර 3ක් අවසන් කර තිබේ. සිව්වැනි අදියර යටතේ මලල ක්‍රීඩා තරග ඉසව් 121ක් දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් පාසල් 1210ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5151 සහභාගි වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    මෙම ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් අධ්‍යාපන අමාත්‍යාංශ පෞද්ගලික අනුග්‍රහකයින්ගේ දායකත්වයෙන් ද ලබා දීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරිරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ්‍යක්ෂ අබේරත්න මහතා පැවසීය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්නන් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිම්. බන්දුසේන මහතා, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් එව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya