සාමකාමී, සමෘද්ධිමත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වත්මන් ශ්‍රී ලංකා රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන ලෙස ඉල්ලීමක් කරන ඒ මහතා මේ වෙනුවෙන් තම රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද කියා සිටී.
ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යොජනාව පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි කරමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.මේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ තත්ත්වය ලෝකයට පැහැදිලි කර ගැනීම සඳහා මෙන්ම මානව හිමිකම් ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීමට හේතු වන බව ඒ මහතා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණ යෝජනාව සඳහා ජගත් මානව හිමිකම් කවුන්සලයේ ඇතිවු පොදු එකඟතාවය මින් පෙර දක්නට නොලැබුණු ජයග්‍රාහී තත්ත්වයක් සේ සළකන බවද වගවීම හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාමාර්ග මෙරට නීතියට හා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කරනු ඇති බවද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා විශ්වාසය පළ කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවටඅමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබු යොජනාවට තවත් රටවල් 25 ක් අනුග්‍රහය දක්වා තිබෙන අතර එය ඡන්ද විමසීමකින් තොරව එකිනෙකව සම්මත විය. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධනය,වගවීමේ හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර ශ්‍රී ලංකා රජයද ඒ සඳහා සම අනුග්‍රහය දක්වන ලදී.