මෙම තරගය සඳහා දෙස් විදෙස් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,500කට අධික පිරිසක් සහභාගීවනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. මෙම තරගය 15වැනි වරටත් සංවිධානය කරනු ලබන්නේ ජලය හා සොභාදහම පදනම් කරගත් ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂඥ සහ මෙරට ප්‍රමුඛතම සංචාරක නියෝජිත ආයතනයක් වන ‘ලංකා ස්පෝටිරයිසන් (LSR) ආයතනයයි.
පූර්ණ මැරතන් (පිරිමි/කාන්තා), පූර්ණ මැරතන් ප්‍රවීන (පිරිමි/කාන්තා), අර්ධ මැරතන් (පිරිමි/කාන්තා), අර්ධ මැරතන් ප්‍රවීන (පිරිමි/කාන්තා), කිලෝ මීටර 10 (පිරිමි/කාන්තා) හා කිලෝමීටර 5 (පිරිමි/කාන්තා/පාසල්) වශයෙන් තරග පැවැත්වෙනු ඇත.
මෙම තරග ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් මිලියන 2.2කට වැඩි මුදල් ත්‍යාග රැසක් හිමිවනු ඇත. එසේම සෑම ඉසව්වක්ම අවසන් කරන සියලු දෙනාට තරගයට සහභාගී වීමේ පදක්කම්, සහතික පත්‍ර, ටී ෂර්ට් ලැබෙනු ඇත.
SDF