මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාතික පාපැදි ශූරතාවලියේ ශී‍්‍ර ලංකා නියෝජනයට ගුවන් හමුදා ක්‍රීඩකයන්

    මැයි 22, 2014

    ආසියාතික පාපැදි  තරගාවලිය 2014 සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ ගුවන්භට නිදූෂ නිරන්ත ප‍්‍රනාන්දු හා ගුවන්භට නිපුන් ශිරාන් ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩකයන් මේ මස 25 වන දින කසකස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

    ජපානය, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 34 වන ආසියානු පාපැදි ශූරතාවලිය මේ මස 31 වන දින දක්වා කසකස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කොට ඇති අතර, ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයින් 04 දෙනෙකු ඒ සඳහා සහභාගි වීමට නියමිතවේ.

    යුද හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් දෙදෙනකු සහභාගිවන අතර, ගුවන් හමුදාව නියෝජනය කරනු ලබන ක‍්‍රීඩකයින් සොහොයුරන් වීමද විශේෂත්වයකී.මෙම කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති කේ. පී. පී. පතිරණ, කණ්ඩායම් කළමණාකරු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වේ ගෲප් කැප්ටන් සේනාරත්න සහ කණ්ඩායම් පුහුණුකරු ලෙස ටිවුඩර් විජේසූරිය සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya