නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදි පසුගියදා (25) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල මහතාද සහභාගි විය.
සැසිවාරයේ සමාරම්භය සනිටුහන් කරමින් 2015 තිරසාර සංවර්ධන සමුලූව පැවැත්වුණු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළිබදව හැදින්වීමක් සිදුකිරිමෙන් අනතුරුව සියලූ දෙනාගේ උණුසුම් පිළිගැනීම මත ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප‍්‍රධාන දේශනය පැවැත්විණි.
ආත්මාර්ථකාමීත්වය පදනම් කරගනිමින් තිරසාර සංවර්ධනයක් සිදුකළ නොහැකි බවට ප‍්‍රකාශ කළ පාප් වහන්සේ පීඩාකාරී ලෙස අය කරගන්නා ණය සීමා කරන ලෙස ප‍්‍රබල රටවලින් ඉල්ලා සිටියේය.
එමෙන්ම පාරිසරික අයිතිය තහවුරු කිරීම සැමගේ වගකීමක් බවද ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙහිදි පෙන්වා දුන්හ.
ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ප‍්‍රධාන දේශනයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ 2015 සැසියේ සභාපති මොගෙන්ස් ලකටෝන් මහතා ද සභාව ඇමතීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල 150කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් ඊයේ ආරම්භ කෙරුණු 2015 තිරසාර සංවර්ධන සමුළුවට සහභාගී වී සිටියහ.
PMU/SDF