නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනපති ඇමෙරිකාවට යයි

    සැප්තැම්බර් 25, 2015
    චීන ජනාධිපති ෂි ජින් පිං මහතා සහ පං ලීයුවන් ආර්යාව ඇතුළු චීන නියෝජිත පිරිස පසුගිය 22 දා ඇමරිකාවේ බටහිර වෙරළාසන්න සියටල් (Seattle)ගුවන් තොටුපලට ගොඩ බසින ලදී.
    ලෝකයේ විශාලතම ආර්ථික හිමි දෙරට අතර විශ්වාස‍ය සහ සහයෝගීතාවය ගොඩනැංවීම මෙම සංචාරයෙන් අපේක්ෂා කරයි. සියටල් ගුවන් තොටුපලට ළඟා වූ ජනාධිපතිවරයා  සහ ආර්යාව ඇමරිකානු ජනාධිපතිවරයා නියෝජනය  කරමින්  පිළිගනු ලැබුවේ වොෂින්ටන් ආණ්ඩුකාර ජේ. ඉන්ස්ලේ සහ ඔහුගේ ආර්යාව  විසිනි.
    චීන - ඇමරිකා දෙරටේම ජනතා අපේක්ෂාව වනුයේ ගැටුම් හා මතභේදවලින් තොර ජයග්‍රහණ ලැබෙන ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනැගීම බව ගුවන් තොටුපලේදී ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් චීන ජනාධිපතිවරයා පැවසුවේය. 
    ලොව සුපතල මෙම තාක්ෂෙණ නගරයේදී චීන ජනාධිපතිවරයා පළාත් ප්‍රධානීන්, ව්‍යාපාරික ප්‍රජාව,  ගුරු සිසු ආදී විවිධ ජන කණ්ඩායම් හමුවීමට නියමිතය. එහිදී ෂි ජින් පිං මහතා චීන ඇමරිකා සබඳතා පිළිබඳ දේශනයක් කිරීමට ද නියමිතය.
    මයික්‍රෝසොෆ්ට් තාක්ෂණය , බෝයිං ගුවන්යානා එකලස් කිරීම සිදුවන  සියටල් නගරය ඇමරිකාවේ ආසියානු වෙළදාමේ ප්‍රධාන දොරටුවකි. එය නිරිත දිග චීනයේ චොංග් ජිං නගරයේ සහෝදර නගරය ලෙස හැඳින්වේ. ජනාධිපති ‍ෂි ජින් පිං මහතා  සැප්තැම්බර් 26 සිට 28 දක්වා  නිව්යෝක් නගරයේ සංචාරයේ යෙදීමට නියමිතය. එහිදී එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය වෙනුවෙන් වූ සමුළු මාලාවකට ද චීන ජනාධිපතිවරයා සහභාගී වේ. 
    1985 න් පසු ව ෂි ජින් පිං මහතා ඇමරිකාවට යන 07 වන වතාව මෙය වන අතර 1985 සංචාරයේදී ඔහු කෘෂිකාර්මාන්තය පිළිබඳ චීන නියෝජිත පිරිසකට නායකත්වය දුන්නේය. මේ වන විට දෙරට අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 555 කට ඉහල නැග තිබේ. වසර 2022 දී චීනය සහ ඇමරිකාව  රටේ විශාලතම වෙළඳ හවුල්කරුවා වීම අපේක්ෂාවයි.
     
    KPM/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya