නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් රටේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ශ‍්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා

    සැප්තැම්බර් 23, 2015

    කුවේට් රටෙහි ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපෘති 6ක් ආරම්භ වන බවත්, ඒ සඳහා ශ‍්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලබාදෙන බව කුවේට් හි සමාජ කටයුතු හා කම්කරු අමාත්‍ය හින්ඩි සුබෙයිහ් බරක් අල් සුබෙයිහ් (Hindi Subeih Al Subeih) මහත්මිය සඳහන් කරයි. ඇය මේ බව සඳහන් කළේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මැදපෙරදිග සංචාරය අතරතුර මුණගැසුණු අවස්ථාවේදීය.

    මෙහිදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, ඉදිරියේදී ශ‍්‍රී ලංකාවෙන් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ දී නිපුණතා සහිත වෘත්තීය දක්‍ෂතා (Skill & Professional) ඇති ශ‍්‍රමිකයින් ලබාදීමට කටයුතු කරන බවයි. කුවේට්හි ආගමන විගමන නීති ප‍්‍රකාරව 15 වන වගන්තිය (Article 15) යටතේ රැකියා ලබාදීම සඳහා ශ‍්‍රී ලංකාවට ප‍්‍රමුඛතාවය ලබාදෙන බව එරට සමාජ කටයුතු හා කම්කරු අමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.

     

    ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලබාගැනීම සඳහා එරට සමාජ කටයුතු හා කම්කරු අමාත්‍යවරිය හා ශ‍්‍රී ලංකාවේ තානාපති කාර්යාල නිලධාරීන්ගේ වෙනමම කමිටුවක් ඇතිකරන බව විදේශ රැකියා අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

     

    මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා පිරිමි පුද්ගලයින් 6538 දෙනෙකු කුවේට් රටට රැකියා සඳහා පිටව ගොස් ඇති අතර, කාන්තාවන් 13032දෙනෙකු පිටව ගොස් ඇත. එසේම 2014 වසරේදී පුද්ගලයින් 43528 දෙනෙකු රැකියා සඳහා ගොස් ඇත.

     

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක මහත්මිය හා අමාත්‍යතුමියගේ  සම්බන්ධීකරණ ලේකම්  ඉන්ද්‍රජිත් විජේසූරිය මහතාද එක්වූහ.

     

    SDF

    Kuwait thalatha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya