නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19න් පහළ ක්‍රිකට් ලීග් තරගාවලියට පාසල් 222ක්

    සැප්තැම්බර් 21, 2015

    ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් සිංගර් ශ්‍රී ලංකා සමඟ 19න් පහළ, 17න් පහළ හා 15න් පහළ යන කාණ්ඩ තුනම ආවරණය වෙන පරිදි ක්‍රිකට් තරගාවලියක් සැලසුම් කර ඇත.

    මෙම තරගාවලියට අනුග්‍රහය ලබා දීමෙන් ඔවුන් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කුෂිල් ගුණසේකර මහතා පවසා ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය 2016 දී හෝ 2018 දී තරුණ ලෝක කුසලානය දිනා ගැනීමට බවය.

     

    මෙම තරගාවලියට දෙදින තරග 1150 ක් සහ සීමිත  ඕවර තරග 110 ක් පමණ ඇතුළත් වනු ඇති අතර ක්‍රීඩකයන් 4400ක් පමණ සහභාගී වනු ඇත.

     

    මෙවර තරගාවලියේදී සියලුම පාසල්වලට ගුණාත්මකභාවයෙන් යුත් පන්දු ලබා දෙන බවත් ලකුණු සටහන්කරු වෙනුවෙන් ගෙවීම් සිදු කරන බවත් පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya