ජාතික ස්කොෂ් ශුරිය වන මිහිලියා මෙත්සරණි ලැබු ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක ප්‍රථම වරට සහභාගි වීමෙන් ලැබු ප්‍රථම ස්කොෂ් පදක්කම වීම විශේෂත්වයකි.
ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ ශිෂ්‍යාවකි. වයස අවුරුදු 7 දී ස්කොෂ් ක්‍රිඩාවට අවතීර්ණ වු ඇය 2005 දී පාසැල් ස්කොෂ් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩා දිවියට පිවිසුණාය. 2012 දී ස්කොෂ් කනිෂ්ඨ ශුරියවු අතර එම වසරේදීම ස්කොෂ් ජාතික ශුරියද වුවාය.
ස්කොෂ් ක්‍රිඩාවෙන් ශ්‍රි ලංකා වර්ණ 9 වතාවක් හිමි කර ගෙන ඇති ඇය ආසියානු ස්කොෂ් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව වයස අවු.17 න් පහල සිවි වන ස්ථානයේ පසුවන්නීය.
පාසැල් ස්කොෂ් කණ්ඩායමේ නායකත්වය දැරු ඇය පාසැල් බැඩිමින්ටන්,ක්‍රිකට්,හා පාපන්දු කණ්ඩායම්ද නියෝජනය කරන දක්ෂ ක්‍රිඩිකාවකි.
AP