නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා උන්නතියට පස් අවුරුදු සැලැස්මක් - ක්‍රීඩා අමාත්‍ය

    සැප්තැම්බර් 17, 2015

    ගරාජ් එකක බාස්ලා නැතුව වැඩ කරගෙන යන්න බෑ වගේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පුරප්පාඩු තියාගෙන ක්‍රීඩාව නංවන්න හැකියාවක් නැතැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

    අමාත්‍යතුමා එසේ පැවසුවේ ඊයේ (16) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට පැමිණි නිලධාරීන් අමතමිනි.


    එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ හැකි ඉක්මණින් අවශ්‍ය පුප්පාඩු පුරවා ක්‍රීඩාවේ උන්නතිය සඳහා වැඩ පටන් ගන්නා ලෙසය.

     

    තවදුරටත් නිලධාරීන් ඇමතූ අමාත්‍යවරයා, “ඡන්ද කාලෙට බැට් බෝල් බෙදලා, කැරම් බෝඩ් බෙදලා, වොලිබෝල් දැල් බෙදලා රටේ ක්‍රීඩාව නංවන්න බැහැ. ලංකාවම ආවරණය වන පරිදි සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකම ක්‍රීඩා සමිතියක් ස්ථාපිත කරන්න ඕනෑ. ඒ ක්‍රීඩා සමිති තරග තියෙන කාලෙට විතරක් සක්‍රීය වෙන සමිති වෙන්න බැහැ. දිගටම යාවත්කාලීන කරගෙන අමාත්‍යාංශය සමග සම්බන්ධවෙලා ඔවුන්ගේ ගැටළු, අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටුකරලා දෙන්න ඕනෑ. ඒ වගකීම නිලධාරීන් සැමටම තියෙනවා.“ යැයි ද පැවසීය.

     

    සංචාරක කර්මාන්තය සමඟ ක්‍රීඩාව සම්බන්ධ කරලා විශේෂ වැඩසටහන් මගින් සංචාරක කර්මාන්තය මෙන්ම ක්‍රීඩාව ඉහළට ගෙන ඒමේ ක්‍රියාවලියක් සම්බන්ධ අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු විය. ඒ සම්බන්ධව සොයා බලා සංචාරකයින් හරහා ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

     

    රටේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට හා අදාළ ආයතනවලට උපදෙස් දෙන ලදී.

     

    ඒ ලෙසම සෑම ක්‍රීඩා සංගමයක් සඳහාම තම තමන්ගේ ඉදිරි පස් අවුරුදු සැලැස්මක් සකස් කර එය ලබාගෙන අධීක්ෂණය කරන ලෙස නිලධාරීන් දැනුවත් කලා.

     

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් හා අදාළ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් සහභාගී විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya