නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෙබනන්හි ශ්‍රී ලංකා සාමසාධක බල ඇණියට එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාව

    සැප්තැම්බර් 11, 2015
    ලෙබනනයේ සංචාරයක් ආරම්භ කළ එහි එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ ප්‍රධානි සහ ආඥාපති මේජර් ජෙනරාල් ලුසියානෝ පොර්ටලානෝ පසුගියදා නගෝවුරා හි පිහිටි ශ්‍රී බේස් කඳවුර වෙත ප්‍රථම වතාවට පැමිණියේය. නගෝවුරා හි ශ්‍රී බේස් කඳවුර මූලික කොට ගෙන නිලධාරින් 10 දෙනෙක් ඇතුළු ව 150 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් පිරිසක් ලෙබනන්හි සාමසාධක රාජකාරීන්හි නිරත වෙති.
     
    ශ්‍රී බේස් කඳවුර වෙත පැමිණි මේජර් ජෙනරාල් ලුසියානෝ පෝර්ටලානෝ එහි පිවිසුම අභියස දී පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා බල ඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජී.පී. කොඩිතුවක්කු මහතා විසිනි. එහි දී මේජර් ජෙනරාල්වරයා වෙත සම්මාන මුරයක් පිළිගන්වා ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා බල ඇණිය ක්‍රියා කළහ.
     
    එහි දී සිය කාර්යභාරය හා එහි ප්‍රගතිය පිළිබඳ ව ශ්‍රී ලංකා අණදෙන නිලධාරි විසින් සාමාසාධක ප්‍රධානි දැනුවත් කරන ලදී.
     
    ඉන් අනතුරුව ශ්‍රී ලංකා සාමසාධක සෙබලුන් ඇමතූ මේජර් ජෙනරාල් පෝර්ටලානෝ ඔවුන් සිදු කරන සේවය සහ කැපකිරීම වෙනුවෙන් සිය ප්‍රසාදය පිළිගැන්වීය. අනතුරුව සාමසාධක ප්‍රධානි ශ්‍රී ලංකා බල ඇණිය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. එමෙන්ම සමරු තිළිණ හුවමාරුවක්  ද මෙහි දී සිදු කෙරිණි.
     
    ලෙබනනයේ සේවය කරනු ලබන 9 වන ශ්‍රී ලංකා සාමසාධක බලඇණිය මෙය වේ.
     
     
    army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya