නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට චීන විදේශ අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

    අගෝස්තු 26, 2015

    ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට චීන විදේශ අමාත්‍ය වං යී මහතා සිය උණුසුම් සුභ පැතුම් පිරිනමයි.

     

    මංගල සමරවීර මහතා යළි වරක් විදේශ අමාත්‍ය ධුරයට පත් වීම පිළිබඳ සතුට පළ කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා එම සුභ පැතුම් පණිවුඩයෙන් කියා සිටී. චීනය හා ශ්‍රී ලංකාව අසල්වැසි මිත්‍රශීලි රටවල් දෙකකි. මෑත වසර කිහිපය තුළ දෙපාර්ශවය පොදු උත්සාහය යටතේ දෙරට අතර ක්‍රමෝපායීය සහයෝගි සබඳතා තර කර තිබේ.

    විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා දැවැන්ත ප්‍රතිලාභ හිමි කර ගත් අතර එමගින් දෙරටේ ජනතාවට ද වාසි හිමි වූ බව වං යී මහතා පෙන්වා දෙයි.

     

    චීන-ශ්‍රී ලංකා සබඳතාව ඉහළින් අගය කරන චීනය ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ වැදගත් හවුල්කරුවකු ලෙසට සලකයි. චීන ජනාධිපති ෂී චීං පීං මහතාගේ සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ‍අන්‍යොන්‍ය සංචාර තුළින් එ‍ළඹී එකඟතා සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමට ඔබ සමඟ එක් ව උත්සාහ දැරීමට සූදානම් බව ද චීන විදේශ අමාත්‍යවරයා මංගල සමරවීර මහතාට යැවූ සුභ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.

     

    චීන-ශ්‍රී ලංකා අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් දෙරට අතර ඓතිහාසික මිත්‍රශීලි බව හා ක්‍රමෝපායීය හවුල්කාරි සබඳතා අඛණ්ඩ ව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද වං යී මහතා සිය සුබ පැතුම් පණිවුඩය මගින් තවදුරටත් කියා සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya