කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගයේ අවසානයත් සමඟ සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අදින් (24) අවසන් කරන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෙත අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උපහාර පිදීමේ උත්සවයක් එහි සැලසුම් කර ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.
ටෙස්ට් පිටියෙන් සමුගන්නා කුමාර් සංගක්කාර පන්දු 18 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 18 ක් ලබා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පිතිකරු භූමිකාව ඊයේ (23) අවසන් කළේය.
SDF