මෙම උත්සවය අතරතුර අග්‍රාණ්ඩුකාරවරයා නව මහ කොමසාරිස්වරයා හා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. අග්‍රාණ්ඩුකාරවරයා සහ නව මහ කොමසාරිස්වරයා නිල ඡායාරූපයකට ද පෙනී සිටි අතර එතුමා පිළිගැනීම සඳහා ජාතික ආචාරය පිරිනමමින් ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.
මෙම උත්සවය අවසානයේ අග්‍රාණ්ඩුකාරවරයා විසින් නව දූත මණ්ඩල ප්‍රධානීන් සියලු දෙනා සඳහා “ගවර්මන්ට් හවුස්“ හිදී දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
ස්කන්ධකුමාර් මහතාට ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ දීර්ඝ පළපුරුද්දක් ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යාපාරයක් වන “ජෝර්ජ් ස්ටුවර්ට්“ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස වසර අටක කාලයක් සුවිශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහකාර ලේකම්වරයෙකු ලෙසත් (1982-1989) ලේකම්වරයා ලෙසත් (1989-1992) උප සභාපති/ලේකම් ලෙසත් (1999-2000) නිර්වේතනික තනතුරු දරා තිබේ.