ඊයේ උදෑසන (20) Cerveny Kamen ප්‍රදේශයේ දී සිදු වූ මෙම අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානා දෙකෙහිම පුද්ගලයින් 38දෙනෙක් සිටි අතර ඉන් 31දෙනෙකු පැරෂුට් මගින් බිමට පැනීමෙන් දිවි ගලවාගෙන ඇතැයි විදෙස් වාර්තා ප්‍රකාශ කරයි. පුද්ගලයන් පස් දෙනෙකු සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ නමුත් කිසිවෙක් රෝහල්ගත කර නැති බව වාර්තා වේ.
ගුවන් යානා දෙකෙහිම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු බැගින් සිව් දෙනෙකු හා පැරෂුට් භටයින් තිදෙනෙකු ද මිය ගිය පුද්ගලයන් අතර වේ.