ටියැන්ජින් මුහුදුබඩ නගරයේ ගබඩාවක ඇති වූ මාරාන්තික පිපිරීම් හේතුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ සිය ගණනකගේ ජීවිතවලට මරණය හා තුවාල කැඳවමින් සිදු වූ ව්‍යවසනය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සිය හෘදයාංගම ශෝකය පළ කර සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම ශෝක කාලය තුළ, ශ්‍රී ලංකා ජනතාවගේ සිතිවිලි හා ප්‍රාර්ථනා, මෙම ව්‍යසනයට ගොදුරු වූවන්ගේ පවුල් වෙත සහ පීඩාවට පත්වූවන් සමඟ බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
ලක් රජය සහ ලක්වාසීන් චීන රජය හා ජනතාව වෙත සිය නොමඳ සහයෝගය සහ සහය ලබා දෙන බවත් මෙම ව්‍යවසනයෙන් චීනය ඉතා ඉක්මණින් යථා තත්වයට පත් වෙතැයි විශ්වාස කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
SDF