නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාධාරණ හා සමකාමී මැතිවරණයක් අපේක්ෂා කරනවා- පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්

    අගෝස්තු 14, 2015

    ශී‍්‍ර ලංකාවේ සම්ප‍්‍රදායයන් හා මැතිවරණ නීති රීති ආරක්ෂා කර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය අපේක්ෂාව බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    ශී‍්‍ර ලංකා මැතිවරණ කාර්යාලය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතාට කරන ලද ආරාධනාවකට අනුව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් මෙරටට එවා ඇත. මේ පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කළ කමලේෂ් ෂර්මා මහතා ශී‍්‍ර ලංකාවේ මීට පෙර පවත්වන ලද මැතිවරණවලදී මෙන්ම මෙවර පවත්වනු ලබන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් එවීමට කරන ලද ආරාධනය පිළිබඳව තමා සතුටට පත්වන බව පවසා ඇත.

     

    එසේම ඉදිරි කාලය තුළදී ද ශී‍්‍ර ලංකාවේ පවත්වන සම්ප‍්‍රදායයන් හා මැතිවරණ නීති රීති ආරක්ෂා කර ගනිමින් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරනු ඇති බව තම අපේක්ෂාව බවද ෂර්මා මහතා වැඩිදුරටත් මෙමගින් අවධාරණය කර ඇත.

     

    නිදහස් සහ සාධාරණ, සාමකාමී මැතිවරණයක් පැවැත්මවීම සඳහා ශී‍්‍ර ලංකාව ඉතා යෝග්‍ය මට්ටමක පවතින බැවින් මෙවර මහමැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.

    කොළඹ සිනමන් ග‍්‍රැන්ඞ් හෝටලයේ පසුගියදා (12) පැවැති මාධ්‍ය හමුවකදී පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප‍්‍රධානී මොල්ටා රාජ්‍යයේ හිටපු ජනාධිපති ආචාර්ය ජෝර්ජ් අබේලා මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    2015 අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන මැතිවරණයෙන් පළාත් පහක මැතිවරණ කටයුතු පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම නිරීක්ෂණය කිරීමට නියමිත ය. ඒ අනුව මධ්‍යම උතුරු, උතුරුමැද, වයඹ, සහ බස්නාහිර පළාත්වල මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත බවද ආචාර්ය අබේලා මහතා පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් අබේලා මහතා පැවසුවේ මැතිවරණයේ අවසන් පැය කිහිපය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී අවසන් පැය 48ට වැදගත් බව අප විශ්වාස කරන බවත්, ඡන්දය ප‍්‍රකාශ කිරීම, ඡන්දය ගණන් කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගන්නා බවත් ය.

     

    මැතිවරණ නිරීක්ෂණවල අවසන් වාර්තාව ශී‍්‍ර ලංකාවෙන් පිටවීමට පෙර සකස් කිරීමට සැලසුම් කර ඇති අතර එම වර්තා ශී‍්‍ර ලංකා රජයටත්, මැතිවරණ කොමසාරිස්වරයාටත්, දේශපාලන පක්ෂවලටත්,පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතාටත්, සියලුම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වෙත යැවීමටත්, ඒ සමගම එම වාර්තාව ප‍්‍රසිද්ධ කරන බවත් අබේලා මහතා පැවසීය ය.

     

    මෙම මැතිවරණය නිරීක්ෂණය කිරීමට ශී‍්‍ර ලංකා රජය විසින් කළ ආරාධනාව අගය කරන බවත් නිරීක්ෂණයෙන් පසුව ශී‍්‍ර ලංකාවේ මැතිවරණ කටයුතු තත්ත්වය සාර්ථක කරගැනීමට අවශ්‍ය වන්නා වු සහාය දීම පිළිබඳවත්, ඉදිරි මැතිවරණවල ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට සහයෝගය ලබා දීමට හැකි බවත් මෝල්ටා හිටපු ජනපති අබේලා මහතා වැඩිදුරටත් පැවසීය.

    kpm/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya