නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාන වෙනස්කළ බෝග වගා කිරීම තහනම් කිරීමට ස්කොට්ලන්තය පියවර තබයි

    අගෝස්තු 10, 2015

    රට තුළ ජානමය වශෙයන් වෙනස් කරන ලද භෝග වගා කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව ස්කොට්ලන්තයේ ප්‍රාදේශීය කටයුතු පිළිබඳ ලේකම් නිවේදනය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

     

    ස්කොට්ලන්ත රජය රටේ පවුම් බිලියන 14ක ආහාරපාන අංශයේ අනාගතය සමඟ සූදු කෙළීමට සූදානම් නැති බව Richard Lochhead මහතා පවසයි.

     

    ස්කොට්ලන්තයේ ජානමය වශෙයන් වෙනස් කරන ලද බෝග වගා කිරීම සඳහා ඕනෑම යුරෝපීය එකඟතාවක් බැහැර කළ යුතු බවට ඔහු ඉල්ලා සිටියි.

     

    එහෙත්, ගොවි නායකයන් පවසන්නේ මෙම පියවර නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී තිබෙන බවයි.

     

    යුරෝපා සංගමය නීති යටතේ, ජානමය වශෙයන් වෙනස් කරන ලද බෝග වගා කිරීමට පෙර නිල වශයෙන් අවසරය ලබා ගත යුතුයි.

     

    සාමාජික රටවල් හා පලාත් පරිපාලනය විසින් ඔවුන්ගේ භූමි ප්‍රදේශය තුළ ජානමය වශෙයන් වෙනස්කරන ලද ජීවීන් ඇති කිරීමේ සත්ත්ව ගොවිපොළවල් සීමා කිරීම හෝ තහනම් කිරීමට ඉඩ දෙන ලෙස මෙම වසර මුල්භාගයේ සංශෝධනයක් ද ඉදිරිපත් වී ඇත.

     

    කෙසේවෙතත්, කෘෂිකාර්මික විද්‍යා කණ්ඩායම් Rothamsted පර්යේෂණයේ අනුක ජාන පිළිබඳ මහාචාර්ය හූව් ජෝන්ස්, නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම තීරණය නිසා විද්‍යාවට සහ ස්කොට්ලන්තයට ශෝකි දිනයක් උදා වූ බවයි. ජානමය වශයෙන් වෙනස් කරන ලද බෝග වගා කිරීම මිනිසුන්, සතුන් සහ පරිසරය සඳහා ආරක්ෂිත බවට යුරෝපා සංගමය අනුමත කර ඇතැයි තවදුරටත් ඔහු පැවසුවේ ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya