නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන "කමාන්ඩෝ 4x4 අභියෝගාත්මක ධාවන රැලිය" යාපනයෙන් ආරම්භ වේ

    අගෝස්තු 07, 2015
    කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන "කමාන්ඩෝ 4x4 අභියෝගාත්මක ධාවන රැළිය" පසුගිය දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දී සංඛේතාත්මකව ආරම්භ කරනු ලැබූ අතර මෙම සයදින මෝටර් රථ ධාවන රැළිය ඉන් අනතුරුව යාපනයේ දී ආරම්භ විය.
    කමාන්ඩෝ රෙජිමේන්තුවේ, රෙජිමේන්තු කර්නල් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මාර්ගයේ දී ධඡයක් එසවීම මගින් මෙම අභියෝගාත්මක මෝටර් රථ ධාවන රැළිය නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.
    පේදුරු තුඩුවේ සිට කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල දක්වා මුහුදුබඩ ප්‍රදේශ ආවරනය වන පරිදි කි.මී 776 ක දුර ප්‍රමාණයකින් යුක්ත වන ධාවන මාර්ගයේ අදියර 5 කින් පැවැත්වෙන මෙම අභියෝගාත්මක මෝටර් රථ ධාවන රැළිය “ 4x4 සම්මත වාහන”, “4x4 නවීකරණය කරන ලද වාහන” හා “මධ්‍යම හා බර පන්තිවල ක්‍රීඩා උපයෝගිතා වාහන” සඳහා විවෘත ය.
    මෙම අභියෝගාත්මක මෝටර් රථ ධාවනය සඳහා ඒ සඳහා උනන්දුවක් දක්වන 75 දෙනෙකුට අධික ප්‍රමාණයක් සහභාගි වේ.
    මෙම ධාවන රැළිය පුරාවට ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් දරනු ලබන අතර කොකාකෝලා (Coca Cola), ලයන් බ්‍රේවරි (Lion Brewery) සහ බ්‍රැන්ඩෙක්ස් (Brandix) යන සමාගම් විසින් සම අනුග්‍රාහකත්වය දක්වනු ලබයි.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya