නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියයට 22ක පාඩුවක් සමඟ ග්‍රීක කොටස් වෙළඳ පොළ යළි විවෘත කෙරේ

    අගෝස්තු 04, 2015

    සති 05ක් වසා දමා තිබූ ග්‍රීසියේ ප්‍රධාන කොටස් මිල දර්ශකය සියයට 22කට වැඩි පාඩුවක් දරාගනිමින් ඊයේ (03) යළි විවෘත කිරීමට ග්‍රීක බලධාරීහු පියවර ගත්හ. ජුනි මාසයේ සිට රටේ පවත්නා ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට ආයෝජකයින්ට සිය පළමු අවස්ථාව ලබා දෙමින් කඩා වැටුණ කොටස් වෙළඳ පොළ මෙලෙස විවෘත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


    දෛනික ගනුදෙනු සීමාව පසුගිය දිනවල බැංකුවේ කොටස් සියයට 30කින් පමණ පහළ වැටිණි. බැංකු පද්ධතිය බිඳ වැටීම වැළැක්වීම සඳහා මූල්‍යමය තැන්පතු මත රඳාපවත්වාගැනීමේ අරමුණින් මුදල් ආපසු ගැනීම් සහ මුදල් හුවමාරු කිරීම් ඇතුළු සියලු මූල්‍යමය කටයුතු නවතා දමමින් ජුනි 29 සිට ඇතන්ස් කොටස් හුවමාරුව හා ග්‍රීක බැංකු වසා දමන ලදී.

     


    නමුත් දැඩි සීමාවන් පවත්වා ගනිමින් පසුගියදා බැංකු යළි විවෘත කෙරිණි. ග්‍රීසිය මෙම සති දෙක තුළ ආර්ථික තත්වය ගොඩ ගැනීම සඳහා නව සුරක්ෂිත පැකේජයන්ගේ කොන්දේසි පිළිබඳව ඇප මත ණය දෙන්නන් සමඟ ගැඹුරු සාකච්ඡා වල නිරත වෙමින් සිටියි.
     

     

    රජය විසින් පිහිටුවන ලද කලින් විශ්‍රාම ගැනීමේ සැලසුම් කප්පාදු කිරීමටත් සහ හිඟ බදු ගෙවීමේ වැඩසටහන සඳහා දැඩි කොන්දේසි පැනවීමටත් යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල අවධානය යොමුව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya