අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුන්දර ළමාවිය ආරක්ෂා කිරීම සඳහා සමාජ සංවේදීභාවය ඇති කිරීමේ වැඩසටහනක්

    අප්‍රේල් 04, 2014

    "සයිබර් අවකාශයේ ඔබේ දරුවා සුරක්ෂිතද?" යන්න පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් ලබන 09 දින පෙරවරු 8.30ට වයඹ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.


    වයඹ ප්‍රධාන අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ප්‍රධාන අමාත්‍යාංශය විසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත. දරුවන්ට සුන්දර ළමාවියක් ඇති කිරීම සඳහා ප්‍රජාවේ සියලු ‍ක්ෂේත්‍රයන් සංවේදී කිරීමත් වර්තමානය වන විට වර්ධන වී ඇති ළමා අපයෝජන හා අන්තර්ජාලය හා මාධ්‍ය භාවිතයේ අනිසි ප්‍රතිවිපාක නිසා දරුවන්ගේ ජීවිත විනාශවීමේ ප්‍රවණතාවක් පැවතීමත් නිසා ඒවා වළක්වා ගැනීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ආගමික නායකයන්, දේශපාලනඥයන්, දෙමාපියන්, ගුරුවරුන් හා ආරක්ෂක අංශ ඇතුළු සමාජ ක්‍රියාකාරීන් මෙම තත්ත්වය කෙරෙහි සංවේදී කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මනෝ වෛද්‍යවරුන් , මනෝ විද්‍යා උපදේශන නිලධාරීන්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නීති ක්ෂේත්‍රයේ දේශක මඩුල්ලකගේ දායකත්වය මේ සඳහා ලැබෙනු ඇත.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya