අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව හෙළ බොජුන් අලෙවි සැලක්

    අප්‍රේල් 04, 2014


    නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව හෙළ බොජුන් අලෙවි සැලක් විවෘත කිරීම ඊයේ (03) නුවරඑළිය නගර සභාවේ නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රෙගරි වැව ඉස්මත්තේදී සිදු කෙරිණි.


    මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මේ අලෙවි සැල අප්‍රේල් මස 25 දින දක්වා පැවැත්වේ. දෛනිකව කාන්තා ව්‍යවසායකයන් දස දෙනෙකුගේ සංවිධාන ක්‍රමවේදය යටතේ මෙම අලෙවි සැල පවත්වාගෙන යනු ඇත.


    දේශීය ආහාර පාන සහ කැවිලි වර්ග රැසක් පහසු මිලට මෙහිදී ලබා ගත හැකි අතර ඒවා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමේ අරමුණින් මේ අලෙවි සැල ආරම්භ කෙරිණි. වසන්ත උදානයට සමගාමීව ආරම්භ කළ මේ අලෙවි සැල නිසා නුවරඑළියේ කාන්තා ව්‍යවසායකයන් නගාසිටුවීමක් සිදු වන අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක්ද නියම වේ.


    ඉදිරියේදී දේශීය ආහාර පානවලින් සමන්විත ස්ථීර අලෙවි සැලක් නුවරඑළිය නගරය කේන්ද්‍රකොට ගෙන ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කරන බවද මීට සහභාගී වූ නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මිය පැවසුවාය.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya