අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් ස්වයංජීවනෝපායන් සඳහා සංවර්ධන වැඩසටහන අද

    අප්‍රේල් 03, 2014
     
    වයඹ පළාත් මානව සම්පත් අධිකාරියේ ''ස්වයංජීවනෝපායන් සඳහා සංවර්ධන වැඩසටහන -2014 '' උත්සවය  වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03)  පස්වරුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
     
    මෙහිදී ග්‍රාමීය සමුපකාර සංවිධාන 16ක ප්‍රතිලාභීන් 328 දෙනෙකුට රුපියල් මිලියන 20.3ක් සහ පෞද්ගලික ව්‍යවසායකයන් 66 දෙනෙකුට රුපියල් ලක්ෂ 3නේ සිට 8 දක්වා  රුපියල් මිලියන 26ක මූල්‍ය පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම මූල්‍ය පහසුකම් ග්‍රාමීය කර්මාන්ත, සත්ත්ව පාලන හා කෘෂි කර්මාන්ත, අගය වැඩිකළ නිෂ්පාදන කර්මාන්ත සහ දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වූ අත්කම් භාණ්ඩ යන ක්ෂේත්‍ර යටතේ ලබා දීමට සැලසුම් කර ඇත.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya