අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සපිරිගමක්” ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020

    මාර්තු 04, 2020

    රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය සංවර්ධනය තුලින් රට සංවර්ධනය කිරීම හා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම තවත් එක් ප්‍රධාන අරමුණක් වේ. ඒ අනුව ගම හා නගරය සම්බන්ධ කිරීම මඟින් මුළු රටම එකම සංවර්ධිත කලාපයක් ලෙස පහසුකම් සපිරි ජීවන මධ්‍යස්ථානයක් බවට ගම පත්කිරීම රජයේ අපේක්ෂාවයි.


    ඉහත අපේක්ෂාවන් අත්පත් කර ගැනීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීම අනුව සපිරිගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මේ වන විට මුලු රටම ආවරණය වෙමින් ක්‍රියාත්මක වේ. එමඟින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, ග්‍රාමීය මට්ටමින් ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය, ග්‍රාමීය සෞඛ්‍ය සංවර්ධනය සහ නවීකරණයට අවශ්‍ය පහසුකම් සැපයීම, පාසල් සඳහා විදුලිය, ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම මඟින් අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීම සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට සෘජුවම දායක වන ප්‍රමුඛතාව දිය යුතු වෙනත් භෞතික යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇත.


    එසේම ග්‍රාමීය පහසුකම් සංවර්ධනය කිරීම තුළින් රැකියා හා ජීවනෝපාය අවස්ථාවන් වර්ධනය කිරීමත්, ඒ තුළින් ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීමත් මෙම වැඩසටහනේ අරමුණු වේ. තරුණ තරුණියන් සහ කාන්තාවන් අතර ස්වයං රැකියා ජනනය කිරීමට උපකාරී වන ව්‍යාපෘති මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට ඉවහල් වන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානය යොමු කර ඇත.

    මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනේම ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,021 ආවරණය වන පරිදි, සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම රුපියල් මිලියන 2 ක වටිනාකමින් යුතු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

    මෙම වැඩසටහන යටතේ මේ වන විට රුපියල් මිලියන 27,920 ක වටිනාකමින් යුතු සංවර්ධන ව්‍යාපෘති 37,862ක් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.
    මෙම වැඩසටහන වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණය හා මඟපෙන්වීම සඳහා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ද පිහිටුවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya