අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට.....

    සැප්තැම්බර් 16, 2019

    කොළඹ නගරයේ ඉදි කෙරුණු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වූ නෙළුම් කුළුණ අද (16) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

    නෙළුම් පොහොට්ටුවක හැඩයකින් යුතු නෙළුම් කුලුන මීටර් 300ක් නොහොත් අඩි 1167ක් උස දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුණ ලෙස කොළඹ නෙළුම් කුළුණ හැඩින්විය හැක.

    කලකට පෙර කොළඹ විශාලතම ගොඩනැගිල්ල ලෙස නම් දැරූ පිට්ටු බම්බුව නමින් හැදින්වූ ලංකා බැංකු ගොඩනැගිල්ලද, පසුව එම ස්ථානය දිනාගත් ලෝක වෙළද මධ්‍යස්ථානයද පරදවමින් කොළඹ අහස සිඹිමින් නැග සිටින්නේ නෙළුම් කුලුණයි.

    නෙළුම් කුලුනේ ඉදිකිරීම් ඇරඹෙන්නේ 2008 වසරේදීයි. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා වැඩබිමට අයත් හෙක්ටයාර දහයක භූමියක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක් ඉදිකිරීමට තීන්දු කර තිබූ අතර ඒ සදහා පරීක්ෂණ කටයුතු ආරම්භ විය. එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතුවී තිබූ නෙළුම් මලක් දැකීමෙන් පසු යෝජිත කුලුන නෙළුම් දණ්ඩක් හා නෙළුම් මලක් ලෙස නිර්මාණය කිරීමේ අදහස ඔවුන්ට මතුවිය.එයට සියල්ලන්ගේම අනුමැතිය හිමිවී ඉන්පසු එහි සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්ඩක් හා එහි ඉහළ කෙලවරේ වූ නෙළුම් මලක හැඩය ගන්නා ලදී. කෙසේ වෙතත් මුලින් තෝරාගත් පෑලියගොඩ ප්‍රදේශයට නෙළුම් කුලුන හිමිකර ගැනීමේ වරම් නොලැබුණු අතර එය නගරයෙහි සංචාරය කරනා කාගේත් නෙත් සිත් පැහැර ගන්නා මනරම් දසුනක් වශයෙන් කොළඹ නගරයට හිමි වෙයි.

    නෙළුම් කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya