අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයට නිලධාරින් 22000ක් අලුතින් බඳවා ගැනීමට පියවර

    මැයි 28, 2019

    රජය මගින් සිදු කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් 22000ක් අලුතින් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    ඊට අමතරව අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ 06කට අලුතින් සමෘද්ධි සහනාධාර ලබා දීම මේ මස 30වන දා සිට ආරම්භ කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කීය.

    තවද කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ සංවර්ධනය කිරීම සඳහා රජය ජපන් රජයෙන් සියයට දශම එකක පොළියකට වසර 40ක කාලයකදී ආපසු ගෙවීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට යන බවද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya