අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඉල්ලීම මත ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් -වසර 5 ක් තුළ ප්‍රධාන ව්‍යාපෘති තුනක්

    අප්‍රේල් 26, 2019

    ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුවට අයත් ආයතනයක් වන 'මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර ඇත.

    2019 අප්‍රේල් මස 25 වන දින වොෂින්ටනයේදී මෙම තීරණයට එළැඹ ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

    මෙම ප්‍රදානය යටතේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84,000 ක් පමණ ) ශ්‍රී ලංකාවට ලැබෙන අතර එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට වසර 5 ක කාලයක් ලැබේ.

    රථ වාහන ගමනා ගමන වේගය වැඩි කිරීම, ගමාගමනයට ගතවන කාලය අඩු කිරීම, රථවාහන දුම අඩු කිරීම සහ අනතුරු අවම කිරීම මගින් රථ වාහන තද බදය අවම කිරීම සහ රජයේ බස් රථ සහ පෞද්ගලික බස් රථ ඇතුළත් ගමනාගමන සේවය නව්‍යකරණය කිරීම ඇතුළත් වන කොළඹ මහානගර බලප්‍රදේශය තුළ විශේෂ ගමනාගමන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම එයින් එකකි.

    සමරගමුව, ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත් කොළඹ වෙළෙඳපොළවලට සහ අපනයන කේන්ද්‍රස්ථානයට සම්බන්ධ කෙරෙන මධ්‍යම වටරවුම් මාර්ගයට අදාළ කිලෝමීටර 131 ක මාර්ග ජාල වැඩි දියුණු කිරීම ද මේ යටතේ සිදු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya