අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අකුරණ නගරයේ මහල් හතරකින් යුත් වෙළද සංකීර්ණයක්

    ඔක්තෝබර් 16, 2018

    මහනුවර අකුරණ නගරයේ මහල් හතරකින් යුත් වෙළද සංකීර්ණයක් ඉදි කිරීමට නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශය මගින් කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම් නෆීර් මහතා පවසයි.

     ඊට අදාල මූලික කටයුතු වෙනුවෙන් 2018 වසර සදහා මිලියන 75 ක මුදලක් ලබා දී ඇති බවද ඔහු පවසයි. අතිරේක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. අදියර තුනකින් ක්‍රියාත්මක වන මෙම වෙළද සංකීර්ණය තුළ වාහන නතර කිරීමේ අංගනයක්, කුඩා ප්‍රමාණයේ බස් නැවතුම්පොළක්, සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රජයේ අත්‍යාවශ්‍ය කාර්යාල සහ බැංකු කිහිපයක්ද ස්ථාපිත කිරීමට නියමිතය.

    මෙම වෙළද සංකීර්ණය ඉදි වීමත් සමග දැනට අකුරණ නගරයේ ඇති දැඩි රථ වාහන තදබදයට විසදුම් ලැබෙනු ඇති බව පැවසූ අතිරේක ලේකම්වරයා දැනට පවතින ගංවතුර තර්ජනයටත් ඒ තුළින් විසදුම් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවද පෙන්වා දෙන ලදී.

    මෙම ව්‍යාපෘතියේ සියළු ඉදි කිරීමේ සැළසුම් කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කිරීමට නියමිත අතර, ඉදි කෙරෙන ගොඩනැගිල්ලේ නඩන්තු කටයුතු අකුරණ ප්‍රාදේශීය සභාව වෙත පැවරීමට නියමිතය. 2020 වන විට ගොඩනැගිලේ ඉදි කිරීම් අවසන් කිරීමට නියමිතය.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya