අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    නුවරඑළියේ දි සංචාරක දිනය සමරයි

    සැප්තැම්බර් 29, 2018

    සැප්තැම්බර් 27 වැනි දිනට යෙදී තිබූ ලෝක සංචාරක දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් නුවරඑළිය නගරයේදී පැවැත්වීනි. දෙස් විදේස් සංචාරකයන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්සවය නුවරඑළිය සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමය හා නුවරඑළිය මහ නගර සභාව එක්ව සංවිධාන කර තිබිණි.

    මෙම උත්සවයට සමගාමීව පාසල් දරු දැරියන්ගේ නර්තනයන් කීපයක්ද ඉදිරිපත් කර තිබූ අතර සංචාරක දිනය නිමිත්තෙන් පවත්වා තිබූ ඡායාරූපකරණ තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත් සහ මුදල් ත්‍යාග පිරිනැමීමද මෙදින සිදුවිය.

    නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, හිටපු නගරාධිපති මහින්ද දාඩම්පේ ගමගේ, නුවරඑළිය පොලිස් මූලස්ථානාධිපති චන්දන බස්නායක, නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න, අරලිය හෝටල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

    DMU/Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya