අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    කෑගල්ලේ අවදි නගරයට මුල්ගල තැබීම 30 වෙනිදා

    සැප්තැම්බර් 29, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපලක් බිහිකිරීම හා කෑගල්ල දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂිත ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ඉඳිකිරීමට යෝජිත අවදි නගරයට මුල් ගල තැබීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර්30 වැනිදා පෙරවරුවේ දී සිදු කෙරේ.

     ඒ අනුව කෑගලු වැවිලි සමාගමට අයත් ගලිගමුව අටාල වතුයායේ බෝයගොඩ වසමේ තෝරා ගත් භූමියක මෙම අවදි නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ. මූලීක අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් රු.මි 25 ක මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් හිමිව තිබේ. 

    දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා පුළුල් වෙළෙඳපල අවස්ථා නිර්මාණය කර දීම හා අපනයන තත්ත්වයේ ව්‍යවසාකයින් පිරිසක් දිස්ත්‍රික්කය තුළ බිහිකිරීමට මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන අතර මුල් අදියර යටතේ අවදි නගරය සඳහා පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම සිදු කෙරෙනු ඇත. මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya