අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමණාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරිමට ලක්ෂ පහක ස්වේච්ඡා බලසේනාවක්

    සැප්තැම්බර් 21, 2018

    ඉදිරියේදී සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සඳහා අපදා කළමණාකරණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය බල සේනාවක් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් වාරි මාර්ග,ජල සම්පත් හා අපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

    මේ සඳහා ලක්ෂ පහක ස්වේච්ඡා බල සේනාවක් පිහිටුවිටම කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා එහිදී පාසල් බාල දක්ෂ කණ්ඩායම් මුලින් පුහුණූ කරන බවද පැවසීය. ඊට අමතරව ඉදිරියේ දී ඒකක 37ක් යටතේ ශිෂ්‍යභට කණ්ඩායම් සහ ගම් මට්ටමින් තරුණයින් පුහුණූ කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ අද (21) දා මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති අපදා කළමණාකරණ සඳහා ස්වේච්ඡා බල සේනාවක් පිහිටු විමේ සමාරම්භ අවස්ථාවට සහභාගි වෙම්න් ධර්මරාජ විද්‍යලීය බාල දක්ෂ බලකායට වසර 105 ක් සපිරිම පදනම් කර ගෙන මෙම පුහුණූ වැඩ සටහන ආරම්භ කළ අවස්ථාවේ දීය.

    2015 වර්ෂයේ සිදු වූ අපදා තත්වයට සාපේක්ෂව 2018 වර්ෂයේ සිදුවූ ආපදා තත්වය අවම කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුනු බව වාරි මාර්ග,ජල සම්පත් හා අපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.රජයට එම හැකියාව ලැබුනේ ආපදා කළමනාකරණය යාන්ත්‍රනය වඩාත් කාර්යක්ෂම සහ ශක්තිමත් කිරීමට කටයුතු යොදා තිබූ නිසා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

     

    එහිදී සියලු රජයේ නිලධාරින්ගේ හා ප්‍රජාවගේ සහභාගිත්වය අඛණ්ඩව ලැබුණු බැවින් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ගං වතුර පහව යනවාත් සමඟ ලබා දිමට හැකියාව ලැබුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක , අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අමරානන්ද,මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී. රණේපුර, සහ ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති දම්පිය වනසිංහ යන මහත්වරුන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya