අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Enterprise Sri Lanka වැඩසටහන යටතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට විශාල ඉලක්කයක් ලැබෙනවා

    සැප්තැම්බර් 21, 2018

    Enter price Sri Lanka වැඩසටහන යටතේ ඉදිරි කාලෙය්දී මහනුවර දිස්ත්‍රික්කය තුළ විශාල වැඩ කොටසක් සිදු වන බැවින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යදපාර්තෙම්න්තුවට විශාල කාර්යභාරයක් පැවෙරන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කොන්ගහගේ මහත්මිය පැවසුවාය.

    ඒම නිසා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තෙම්න්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කළ යුතු බවද ඇය වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. ඇය මෙම අදහස් පළ කළේ, පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.

    වත්මන් රජය මගින් ක්‍රියාත්මක කර ඇති Enter price Sri Lanka වැඩසටහනේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමිව් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය බොහෝ ව්‍යවසායකයින් තම ව්‍යාපාර දියුණු කර ගැනීම සදහා විශාල උනන්දුවකින් කටයුතු කරන බවද පෙන්වා පැවසුවාය.

     

    වැඩසටහන සදහා සම්බන්ධ වී ඇති පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් සත්ව පාලන කටයුතු සදහා යොමු වී ඇතිඅ බව දක්නට ලැබෙන බැවින් ඔවුන්ට අවශ්‍ය මග පේනවීම් කටයුතු සහ පහසුකම් සැපයීමට සත්ව නිෂ්පාදන දෙපාර්තෙම්න්තුවට විශාල වගකීමක් පැවෙරන බවද පැවසුවාය.

    ඒබැවින් ප්‍රමිතියෙන් උසස් කිකිලි පැටවුන්, එළුවන් සහ කිරි ගවයන් වැනි සතුන් හිගයකින් තොරව ඉල්ලුම් කරුවන්ගේ ඉල්ලුමට සරිලන පරිදි ලබා දීමට කටයුතු කිරීම වැදගත් බව පෙන්වා දුන් පළාත් සභා මන්ත්‍රීවරිය ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවදපන්වා දෙන ලදී. ඒ සදහා දැනට පවතින සත්ව අභිජනන මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවන්නේ නම් අලුතින් එම මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු යොදන ලෙසද ඇය පෙන්වා දුන්නාය.

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටුව සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

    DMU /kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya