අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වෙරළ පවිත්‍රතා වැඩසටහන් රැසක් මාතර දී

    සැප්තැම්බර් 20, 2018

    සමුද්‍රීය පරිසර ආරක්ෂණයේ වැදගත්කම සළකමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම වසරකම සැප්තැම්බර් මස 15 වැනි දින සිට 21 වැනි දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවේ.

    ඒ අනුව මේ වසරේ දිවයින පුරා සමුද්‍රීය සම්පත් සුරැකීමේ වැඩසටහන් 80 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එහි ජාතික වැඩසටහන පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්විණි.

    එම ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වෙරළ පවිත්‍රතා වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එහි සමාරම්භක වැඩසටහන  පසුගිය (18) පෙරවරුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සංවිධානයෙන් මාතර වෙරළ උද්‍යානයේදී පැවැත්විණි.


    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා නියෝජනය කරමින් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්. පතිරණ මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් සහකාර කළමණාකරු රේණුකා රණවීර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී වී සිටියහ.

    මාතර දිස්ත්‍රික්කයේ වෙරළ පවිත්‍රතා වැඩසටහන් සැප්තැම්බර් 18 දින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සංවිධානයෙන් මාතර වෙරළ උද්‍යානයේ දී හා වැල්ලමඩම වෙරළ උද්‍යානයේදී ද, සැප්තැම්බර් 19 තලල්ල වෙරළ උද්‍යානයේදී ද, සැප්තැම්බර් 20 වැලිගම වෙරළ උද්‍යානයේදී ද, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දික්වැල්ල වෙරළ උද්‍යානයේදී ද පැවැත්වෙන බව මාතර
    සමුද්‍ර පරිසර නිලධාරී එච්.ආර්. දේවිකා සුභාෂිණී මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya