මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කිරීම ස‍ඳහා වූ දෙදින වැඩමුළු පහක්  මාතර දී  

    සැප්තැම්බර් 19, 2018

    ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශ මගින් රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කිරීම සදහා එක් දිස්ත්‍රික්කයකට වැඩමුළු පහ බැගින් දිස්ත්‍රික්ක් 25 හි වැඩමුළු 125 ක් සංවිධානය කරන ලදි.

    ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීම සදහා වූ දෙදින වැඩමුළු පහක් පසුගියදා මාතර දී පවත්වන කරන ලදී. මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩමුළු හතරක් පවත්වන ලද අතර එහි අවසන් දෙදින වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය රාජ්‍ය නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.


    මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ එම්.එච්.එම්. ෂමීම්, සුරේෂ් කුමාර්, හුස්නි මුබාරක් සහ ෆාතිමා නසායා යන ගුරු මහත්ම මහත්මීන් ය. දීප ව්‍යාප්තව සංවිධානය කරන ලද මෙම දෙදින වැඩමුළු මගින් දිවයින පුරා රාජ්‍ය නිලධාරීන් 12500 කගේ දෙවන භාෂා දැනුම වැඩි දියුණු කිරීම සිදු කෙරිණි.

    ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය මගින් මෙම වැඩසටහන් සංවිධානය සහ සම්බන්ධීකරණය සිදු කරන ලද බව ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර මනෝජි හේවාකුරුප්පු මෙනෙවිය පැවසුවා ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya