අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''දියවර නෑයෝ ව්‍යාපෘතිය'' ඉගිනිමිටියේ සාර්ථකව ක්‍රියාත්මක වෙයි

    සැප්තැම්බර් 18, 2018

    ''දියවර නෑයෝ ව්‍යාපෘතිය '' මේ වන විට ඉගිනිමිටියේදී සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් තිබේ.

    ඉගිනිමිටිය ගොවි ව්‍යාපාරය මූලික කර ගනිමින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වේ. ගොවි ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා දීම මේ යටතේ සිදු වේ. පසුගිය 08 දා ආරම්භ වූ මෙම වැඩපිළිවෙල අවසන් වන්නේ සැප්තැම්බර් 30 දාය.

    වැව් ගැඹුරු කිරීම, ඇලවේලි ප‍්‍රතිසංස්කණය, නව වාරි ඇල මාර්ග ඉදිකිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ කි‍්‍රයාත්මකයි. මෙම කටයුතු වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු යන්ත්‍රෝපකරණ 105 ක් පමණ ඉගිනිමිටිය ප‍්‍රදේශයේ ස්ථානගත කර තිබේ. ඒ අදාළ ව්‍යාපෘති කඩිනමින් කි‍්‍රයාවට නැගීම සඳහාය.

    ගොවි ජනතාව සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව වාරි ගැටළුවලට විසදුම් සෙවීම හා ඒවා විද්‍යාත්මකව හා තාක්‍ෂණික භාවිතාවන් අනුව කි‍්‍රයාවට නැගීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.
    වාරිමාර්ග, ජලසම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 100 ක මුදලක් වැය කරන බවයි. එහෙත් ව්‍යාපෘතිය නිමා වීමෙන් පසුව කෝටි 10 ක් වටිනා ප‍්‍රතිලාභ ගොවි ජනතාවට අත්වන බවද ඔහු පැවසීය. ශ‍්‍රම දායකත්වය මත මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya